2010/11/08

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව ඉදිරියට

නොවැ.04- ඊයේ ප්‍රකාශයට පත් කළ එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ නවතම ලකුණු සටහන අනුව ලකුණු 117ක් හිමි කර ගනිමින් ඉන්දියාව සමග සම තැන් ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

ඒ ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ ඕස්ට්‍රේලියාව හමුවේ විශීෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි.
අවසන් වරට ප්‍රකාශයට පත් කර තිබු එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව තිබු ලකුණු සංඛ්‍යාව 115කි.

ඊයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට ලකුණු 2ක් හිමි විය.

හෙට පැවැත්වෙන දෙවැනි තරගය ජය ගත හොත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල දෙවනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය 3ට 0ක් ලෙස ජය ගත හොත් ශ්‍රී ලංකාවට හිමිවන ලකුණු සංඛ්‍යාව 121කි.

එම තරගාවලිය තරග 2ට 1ක් ලෙස ලංකාව ජයගත හොත් ඔවුන්ට ලකුණු 118ක් හිමිවේ.

ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණේ පසු වේ.

No comments:

Post a Comment