2010/11/09

සාර්ථක තරග සංචාරයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට


නොවැ.09- ඔස්ට්‍රේලියාවේ සාර්ථක තරග සංචාරයක නිරත වු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.

පන්දුවාර 20/20 තරගය සහ එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු සංචාරයට ප්‍රථමයෙන් පැවති පුහුණු තරග 2කද ජය ගත්තේය.

තරගාවලියේ පැවති එකම පන්දුවාර 20/20 තරගයෙන්ද කඩුලු 7ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

තරගාවලියේ පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩාම ජය ගත්තේ ලෝක වාරතාවක්ද බිහි කරමිනි.

එක්දින ක්‍රිකට් තරගයක නවවැනි කඩුල්ල සදහා වාර්තා වු ඉහළම ලකුණු සබදතාව ගොඩනැගීමට ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතීව් සමත් වුහ.

මාලිංග එම තරගයේදී සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි.

තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත් අතර ඒ අනුව තරගාවලියේ ජය ද තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එය ඔස්ට්‍රේලියාවේදී එරටට එරෙහිව ශ්‍රි ලංකාව ලද පළමු එක්දින ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය විය.

No comments:

Post a Comment